file
2025 වර්ෂය සඳහා මෙරට සෑම පාසැලකම දරුවන් සහ පිරිවෙන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.
අගමැතිනිය මේ බව පැවසුවේ 2025 වර්ෂය සඳහා පාසැල් නිල ඇදුම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසැල් නිල ඇදුම් තොගය චීන තානාපති Key Zheng Hong, මහතා විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූූරිය වෙත සංඛේතාත්මකව භාර දීම ඊයේ (10) පස්වරුවේ කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ දී සිදු කෙරුණා.
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11.817 ක් වන අතර පාසල් නිල ඇඳුම් ලබා දීමට නියමිත සිසුන් ගණන 4,640,086 ක් වෙනවා.
ඒ අනුව 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මුළු අවශ්‍යතාවයම ( 100%) ප්‍රදානයක් ලෙස මහජන චීන සමුහාණ්ඩුව විසින් ලබා දීම සිදු කෙරුණා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU