file
2025 වර්ෂය සඳහා මෙරට සෑම පාසැලකම දරුවන් සහ පිරිවෙන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.
අගමැතිනිය මේ බව පැවසුවේ 2025 වර්ෂය සඳහා පාසැල් නිල ඇදුම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසැල් නිල ඇදුම් තොගය චීන තානාපති Key Zheng Hong, මහතා විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූූරිය වෙත සංඛේතාත්මකව භාර දීම ඊයේ (10) පස්වරුවේ කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ දී සිදු කෙරුණා.
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11.817 ක් වන අතර පාසල් නිල ඇඳුම් ලබා දීමට නියමිත සිසුන් ගණන 4,640,086 ක් වෙනවා.
ඒ අනුව 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මුළු අවශ්‍යතාවයම ( 100%) ප්‍රදානයක් ලෙස මහජන චීන සමුහාණ්ඩුව විසින් ලබා දීම සිදු කෙරුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…