Thursday, April 17, 2025
Homeදේශීයපාසැල් නිල ඇදුම් අවශ්‍යතාව සම්පූර්ණයෙන් ප්‍රදානය කිරීම ගැන අගමැතිනිය චීන රජයට කෘතඥතාව...

පාසැල් නිල ඇදුම් අවශ්‍යතාව සම්පූර්ණයෙන් ප්‍රදානය කිරීම ගැන අගමැතිනිය චීන රජයට කෘතඥතාව පළ කරයි

2025 වර්ෂය සඳහා මෙරට සෑම පාසැලකම දරුවන් සහ පිරිවෙන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

අගමැතිනිය මේ බව පැවසුවේ 2025 වර්ෂය සඳහා පාසැල් නිල ඇදුම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

file

චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසැල් නිල ඇදුම් තොගය චීන තානාපති Key Zheng Hong, මහතා විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූූරිය වෙත සංඛේතාත්මකව භාර දීම ඊයේ (10) පස්වරුවේ කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ දී සිදු කෙරුණා.

file

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11.817 ක් වන අතර පාසල් නිල ඇඳුම් ලබා දීමට නියමිත සිසුන් ගණන 4,640,086 ක් වෙනවා.

ඒ අනුව 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මුළු අවශ්‍යතාවයම ( 100%) ප්‍රදානයක් ලෙස මහජන චීන සමුහාණ්ඩුව විසින් ලබා දීම සිදු කෙරුණා.

file
READ:   කන්න හොඳ නැති දේ දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්