file
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ නඩුව යලි නොවැම්බර් මස 18 වනදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කර සිටියා.
අදාළ නඩුව අද කැඳ වු අවස්ථාවේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව නියම වූ වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
එම නඩු විභාගය අද පෙරවරුවේ කැඳ වු අවස්ථාවේදී ගෙවීම්වලට අදාළ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබු අතර ඒ අනුව අද දහවල් කැදවූ අවස්ථාවේදී නිලන්ත ජයවර්ධනගේ නීතිඥවරයා ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය කියා සිටියේ වග උත්තරකරු විසින් අද දින රුපියල් මිලියන 65 ක් වන්දි මුදලක් ගෙවා ඇති බව හානි පූර්ණ කාර්යාලය විසින් වාර්තා කර ඇති බවයි.
මෙම මුදල් ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පෙනී සිටි නිලන්ත ජයවර්ධන විනිසුරු මඩුල්ල ඉදිරියේ දැනුම් දුන්නා.
ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත යලි නොවැම්බර් මස 18 වනදා කැදවීමට ද නියම කළා
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…