Friday, April 17, 2026
Homeදේශීයහිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි

හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අද‍ාළ නඩුව යලි නොවැම්බර් මස 18 වනදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කර සිටියා.

අදාළ නඩුව අද කැඳ වු අවස්ථාවේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව නියම වූ වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එම නඩු විභාගය අද පෙරවරුවේ කැඳ වු අවස්ථාවේදී ගෙවීම්වලට අදාළ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබු අතර ඒ අනුව අද දහවල් කැදවූ අවස්ථාවේදී නිලන්ත ජයවර්ධනගේ නීතිඥවරයා ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය කියා සිටියේ වග උත්තරකරු විසින් අද දින රුපියල් මිලියන 65 ක් වන්දි මුදලක් ගෙවා ඇති බව හානි පූර්ණ කාර්යාලය විසින් වාර්තා කර ඇති බවයි.

මෙම මුදල් ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පෙනී සිටි නිලන්ත ජයවර්ධන විනිසුරු මඩුල්ල ඉදිරියේ දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත යලි නොවැම්බර් මස 18 වනදා කැදවීමට ද නියම කළා

READ:   උණුසුම් කාලගුණයෙන් තවත් පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්