Thursday, June 4, 2026
Homeදේශීයශ්‍රී ලාංකිකයින්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයින්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් පසුගියදා ( 18) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

මේ යටතේ ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිමය රැකියා අවස්ථා හිමිවේ.

ඒ සඳහා එක්සත් රාජධානිය පිළිගත් සුදුසුකම් ලබා තිබීම අත්‍යාවශ්‍ය වන අතර, IELTS ඉංග්‍රිසි භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව තිබීම අනිවාර්ය වේ.

මෙම අවබෝධතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා සහ එක්සත් රාජධානියේ රජය වෙනුවෙන් දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා අත්සන් තැබූහ.

READ:   ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්