එක රටක් එක නීතියක් යටතේ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතු වන්නේ නම් සියලු පෞද්ගලික නීති අහෝසි කර කටයුතු කළ යුතු බව අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා ඊයේ (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පසුගියදා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
“ලංකාවේ පුද්ගලික නීතින් රාශියක් ක්‍රියාත්මක වෙනවා. උදාහරණ වශයෙන් උඩරට විවාහ දික්කසාද නිතීය ක්‍රියාත්මක වෙනවා, උඩරට අනුප්‍රාප්ත නීතිය ක්‍රියාත්මක වෙනවා. යාපනය විවාහ අනුප්‍රාප්ති නීතිය ක්‍රියාත්මක වෙනවා. වලාමේ නීතිය ක්‍රියාත්මක වෙනවා. මුස්ලිම් විවාහ දික්කසාද නීතිය ක්‍රියාත්මක වනවා. මුස්ලිම් අනුප්‍රාප්තික නීතිය ක්‍රියාත්මක වෙනවා. බෞද්ධ විහාර හා දේවාලගම් නීතිය ක්‍රියාත්මක වෙනවා. හින්දු සංස්කෘතික පනත ක්‍රියාත්මක වනවා. මුස්ලිම් වකුබ් පනත ක්‍රියාත්මක වනවා. චර්ච් එෆ් සිලෝන් පනත ක්‍රියාත්මක වෙනවා එවැනි පනත් රාශියක් ක්‍රියාත්මක වෙනවා. පුද්ගල නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඒවා. ඉදිරියට එය වෙන්කර පොදුවේ එක රටක් එක නීතිය යටතේ සියලු දෙනාටම එක නිතිය ක්‍රියාත්මක විය යුතු නම් එය මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බැහැ. සියලුම පුද්ගලික නීති එහෙනම් අහෝසි කරලා දාන්න. ඒක ඇරුනම මේක සටන් පාඨයක් කරගෙන වොයිස්කට් දිදී ජාතීන් අතර විරසකත්වය ඇති කිරීම සඬ්හ්හා කටයුතු කිරීම සුදුසු නැහැ කියන එකයි ගරු කථානායකතුමනි මම ප්‍රකාශ කර සිටින්නේ. එතකොට මුස්ලිම් නීතිය යටතේ මුස්ලිම් කාන්තාවන්, පොඩි දරුවෝ ඔවුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් විවාහ කරලා දෙන බවට මත ප්‍රකාශ කරලා තිබුණා. ඒක වැරදි ප්‍රකාශයක් එහෙම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන පියා අත්සන් කිරීම එහි වෙනසක් කරන්නට ඕනේ නම් ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡ අකරගෙන ඒක වෙනස කරන්නට පුළුවන්. 2020 නොවැම්බර් මාසයේ කැබිනට් පත්‍රිකාවක් මේ වනවිටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනුව අපි යෝජනා කරලා තියෙනවා. මේ රටේ අනෙකුත් අයට වගේම මුස්ලිම් දරුවෝත් විවාහ වෙන්න බැහැ. මේ දේවල් සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යනවා.” යැයි ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මුස්ලිම් නීතිය ගැන වොයිස්කට් දිදී ජාතීන් විරසක කිරීම හොඳ නැහැ
නවතම වීඩියෝ
-
අධිකරණ ඇමතිට ආ විශ්වාසභංගේ ගැන අගමැතිණී සභාවට රටට කියූ දේ
-
දේශපාලන අපරාධකරුවෝ එකතුවෙලා අධිකරණයේ ස්වාධීනත්වය ගේන්න ලෑස්තිවෙනවා - විහිලුවක් !!
-
මීගමු ගැටුමට පස්සේ වුණ අධිකරණ ඇමති ගැන හෙළි නොවූ ආන්දෝලනය..අජිත් පී පෙරේරගේ පොයින්ට් ටික
-
🚨"ඔබතුමා අයින්වෙන්නේ නෑ අපි දන්නවා."-අයින්වෙන්නැති ඇමතිට වෙනදේ මුජිබර් කියයි.-මුජිබර්ගෙන් සැරඇමතීමක්


