CCCline 1333 ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට 11 වන වරට පවත් වන බයිකතන් (බයිසිකල් සවාරිය) දින 13 ක් පුරාවට ධවනයේ යෙදෙන පාපැදි සවාරියේ අට වැනි දිනය, නව වැනි දිනය හා දහ වැනි දිනය පසු ගිය දා එනම් (05, 06 හා 07) ධාවනයේ යෙදුණා.
ඒ ති්‍රකුණාමලය සිට ආරම්භ කර සිගිරිය දක්වා ක්‍රි.මී 104ක දුරක් ධාවනය කරමින් සහා සිගිරිය සිට මහියංගනය දක්වා ක්‍රි.මී 120ක දුරක් ද මහියංගනය සිට කතරගම දක්වා ක්‍රි.මී 127 ක දුරක් ධාවනය කරමින්.
රට වටා ක්‍රිලෝ මීටර් 1333කින් යුත් මෙම පාපැදි සවාරිය සඳහා පාපැදි කරුවන් 25කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
මෙම විශේෂ පාපැදි සවාරිය නම් කර ඇත්තේ “Ride to save lives” ලෙස යි.
සියදිවිහානි කර ගැනීම වැලැක්වීම හා ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි අරමුණයි.








