file
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයක් පැවැත්වීමට PAFFREL සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය තමන් පිළිගත් නාමල් රාජපක්ෂ මහතා දැනුම්දෙනවා.
ඒ එම සංවිධානයේ නමට ලිපියක් ඉදිරිපත් කරමින්,
අදාළ ලිපිය පහතින්,
ඔබ සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව මෙයින් දන්වමි.
2024 අගෝස්තු 22
රෝහණ හෙට්ටිආරච්චි මහතා අධ්‍යක්ෂ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනනා ක්‍රියාකාරීත්වය (PAFFREL)
හිතවත් රෝහණ මහත්මයාණෙනි,
යෝජිත විවාදය සඳහා ආරාධනය පිළිගැනීම
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයක් පැවැත්වීමට ඔබ සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව මෙයින් දන්වමි.
දියුණු ප්‍රජාතාන්ත්‍රික සමාජයක තිබිය යුතු මෙවැනි විවාදයක් පැවැත්වීමට ඔබ ගන්නා
ප්‍රගතිශීලී උත්සාහය අගය කරමි. අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති
සංසන්දනාත්මකව විමසා බැලීමේ හැකියාව එමගින් ජනරජයේ ජනතාවට හිමි වනු ඇත.
තාර්කික සහ මත පදනම් වූ හරබර විවාදයක් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
විවාදය පැවැත්වෙන වේලාව, දිනය, ස්ථානය සහ ආකෘතිය මාගේ කාර්ය මණ්ඩලය වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.
ඔබ වෙනුවෙන් – ඔබේ විශ්වාසී,
නාමල් රාජපක්ෂ
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…