Wednesday, April 29, 2026
Homeදේශීයවිවාද ආරාධනාවට නාමල් හා කියයි

විවාද ආරාධනාවට නාමල් හා කියයි

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයක් පැවැත්වීමට PAFFREL සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය තමන් පිළිගත් නාමල් රාජපක්ෂ මහතා දැනුම්දෙනවා.

ඒ එම සංවිධානයේ නමට ලිපියක් ඉදිරිපත් කරමින්,

අදාළ ලිපිය පහතින්,

ඔබ සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව මෙයින් දන්වමි.

2024 අගෝස්තු 22

රෝහණ හෙට්ටිආරච්චි මහතා අධ්‍යක්ෂ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනනා ක්‍රියාකාරීත්වය (PAFFREL)

හිතවත් රෝහණ මහත්මයාණෙනි,

යෝජිත විවාදය සඳහා ආරාධනය පිළිගැනීම

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයක් පැවැත්වීමට ඔබ සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව මෙයින් දන්වමි.

දියුණු ප්‍රජාතාන්ත්‍රික සමාජයක තිබිය යුතු මෙවැනි විවාදයක් පැවැත්වීමට ඔබ ගන්නා

ප්‍රගතිශීලී උත්සාහය අගය කරමි. අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති

සංසන්දනාත්මකව විමසා බැලීමේ හැකියාව එමගින් ජනරජයේ ජනතාවට හිමි වනු ඇත.

තාර්කික සහ මත පදනම් වූ හරබර විවාදයක් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

විවාදය පැවැත්වෙන වේලාව, දිනය, ස්ථානය සහ ආකෘතිය මාගේ කාර්ය මණ්ඩලය වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

ඔබ වෙනුවෙන් – ඔබේ විශ්වාසී,

නාමල් රාජපක්ෂ

READ:   පොහොට්ටුව ශක්තිමත් කරන්න බිම්මට්ටමින් වැඩපිලිවෙලක් - නාමල්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්