Monday, April 27, 2026
Homeදේශීයතවත් මන්ත්‍රීවරුන් දෙන්නෙක් රනිල්ට එක්වෙයි

තවත් මන්ත්‍රීවරුන් දෙන්නෙක් රනිල්ට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති යාපනය දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයේ හිටපු වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ සහාය,
මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට සහතික විය.

ඔවුන් කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන
කාර්යාලයේ අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳ නිල වශයෙන්
දැනුම් දුන්නේය.

අනතුරුව විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් පෙන්වා දුන්නේ ආර්ථික
අර්බුදයට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකි නායකයෙකුගේ අවශ්‍යතාවය හෙට
දවසේද රට හමුවේ ඇති බවයි. අත්හදා බැලීම් සිදු කිරීමට කිසිසේත් අවස්ථාවක්
නොමැති බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් රටේ සහ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මෙවර
ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු
කිරීමට කැප වන බව ප්‍රකාශ කළහ.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පිරිසිදු දේශපාලන
ගමනකට තමන්ට අවස්ථාව උදා වී ඇති බව ද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති අංගජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා
නිදහස් පක්ෂයෙන් තරග කරමින් 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක්
ලෙසත්, තේරී පත්වූ අතර 2015 වසරේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස
පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූවේය.

2020 වසරේදී පැවති මහ මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා
නිදහස් පක්ෂයෙන් තරග කළ ඔහු පාර්ලිමේන්තුවට දෙවන වරටත් තේරී පත්වූවේය.
ඔහු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙස
කටයුතු කරමින් සිටී. පාර්ලිම්න්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙසද
කටයුතු කරන්නේ අංගජන් රාමනාදන් මහතායි.

සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා 2015 වසරේදී පැවති පාර්ලිමේන්තු
මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමු වරට
පාර්ලිමේන්තුවට තේරී පත්වූවේය. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
වැඩ බලන මහලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු මේ වන විට පක්ෂයේ මධ්‍යම කාරක
සභිකයෙක් ලෙස කටයුතු කරමින් සිටී.

READ:   පිලාත්ගේ අත සෝදාගත් නඩු තීන්දුව - මහ සිකුරාදා අද

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති
ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරු
ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය අංශය
Ranil 2024 – පුළුවන් ශ්‍රී ලංකා
2024-08-23

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්