file
චිත්‍රපට 1,400 ඉක්මවා තිරගත වී ඇති වසර 78ක් වන ශ්‍රී ලාංකේය කථා නාද සිනමා ඉතිහාසයේ දැවැන්තම ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව නිර්මාණය කිරීමට පසුගිය 21වන බදාදා දින ගිවිසුම් අත්සන් තැබුවා.
චිත්‍රපට සියල්ලේ රංගන ශිල්පීන්ගේ විස්තර, තාක්ෂණික ශිල්පීන්ගේ විස්තර, තිරගත කිරීම් පිළිබඳ සියලු විස්තර, ගීත සියල්ලේ පදවැල් ඇතුලුව, පෝස්ටර්, ෂෝ කාඩ් සහ වෙනත් ඡායාරූප ද මෙම දත්ත ගබඩාවට ඇතුළත් කිරීමට නියමිතයි.
චිත්‍රපට අධ්‍යක්ෂවරුන්වන සුනෙත් මාලිංග ලොකුහේවා සහ කසුන් චන්ද්‍රනාත් පතිරණ ද, සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් කටයුතු කරන මෙවන් ලියනගේ ද අධ්‍යක්ෂධූරයන් දරණ SKM පුද්ගලික සමාගම සහ සිංහල චිත්‍රපට විකාෂණය සඳහා නිර්මාණය කළ නවතම ඔන්ලයින් වේදිකාව වන Flickoo ආයතනය අතර මෙම ගිවිසුම අත්සන් තබන ලදී. Flickoo UK ආයතනය වෙනුවෙන් එහි හවුල්කරු සහ ප්‍රධාන ප්‍රවර්ධන නිළධාරී සුජිත් අන්නමලේ ගිවිසුමට අත්සන් තැබීය.
ශ්‍රී ලාංකේය ‘සිනමාවට’ වසර 100ක් සපිරෙන 2025 වසරේ මුල් මාස කීපය තුළ මෙම දත්ත පද්ධතිය එළි දැක්වීම මෙම ආයතන දෙකේ බලාපොරොත්තුව වන අතර, මෙහි සම්පූර්ණ කටයුතු අවසන් කිරීමට රුපියල් මිලියන දෙකකට ආසන්න මුදලක් වැය වනු ඇති බව ගණන් බලා තිබේ.
ඔබ ‘ශ්‍රී ලාංකේය’ සිනමාවේ ‘රසිකයෙක්’ ද? මෙම දත්ත පද්ධතියට තොරතුරු ලබා දීමට ඔබත් කැමතිද? අප හා සම්බන්ධ වී ඔබ සතු තොරතුරු සහ ඡායාරූප ලබා දෙන්න! 0755192020 අංකයට වට්ස්ඇප් පනිවිඩයක් එවීමෙන් හෝ මුහුණු පොතේ ‘සිනමාලෝලීන් – SL Movie Fans’ කණ්ඩායමට එක්වීමෙන් මෙම දැවැන්ත කටයුත්ත සමඟ ඔබටත් සම්භන්ධ විය හැකියි.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…