Saturday, September 14, 2024
HomeදේශීයSMDb - ශ්‍රී ලාංකේය සිනමාවේ විශාලතම ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතිය…

SMDb – ශ්‍රී ලාංකේය සිනමාවේ විශාලතම ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතිය…

චිත්‍රපට 1,400 ඉක්මවා තිරගත වී ඇති වසර 78ක් වන ශ්‍රී ලාංකේය කථා නාද සිනමා ඉතිහාසයේ දැවැන්තම ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව නිර්මාණය කිරීමට පසුගිය 21වන බදාදා දින ගිවිසුම් අත්සන් තැබුවා.

චිත්‍රපට සියල්ලේ රංගන ශිල්පීන්ගේ විස්තර, තාක්ෂණික ශිල්පීන්ගේ විස්තර, තිරගත කිරීම් පිළිබඳ සියලු විස්තර, ගීත සියල්ලේ පදවැල් ඇතුලුව, පෝස්ටර්, ෂෝ කාඩ් සහ වෙනත් ඡායාරූප ද මෙම දත්ත ගබඩාවට ඇතුළත් කිරීමට නියමිතයි.

චිත්‍රපට අධ්‍යක්ෂවරුන්වන සුනෙත් මාලිංග ලොකුහේවා සහ කසුන් චන්ද්‍රනාත් පතිරණ ද, සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් කටයුතු කරන මෙවන් ලියනගේ ද අධ්‍යක්ෂධූරයන් දරණ SKM පුද්ගලික සමාගම සහ සිංහල චිත්‍රපට විකාෂණය සඳහා නිර්මාණය කළ නවතම ඔන්ලයින් වේදිකාව වන Flickoo ආයතනය අතර මෙම ගිවිසුම අත්සන් තබන ලදී. Flickoo UK ආයතනය වෙනුවෙන් එහි හවුල්කරු සහ ප්‍රධාන ප්‍රවර්ධන නිළධාරී සුජිත් අන්නමලේ ගිවිසුමට අත්සන් තැබීය.

ශ්‍රී ලාංකේය ‘සිනමාවට’ වසර 100ක් සපිරෙන 2025 වසරේ මුල් මාස කීපය තුළ මෙම දත්ත පද්ධතිය එළි දැක්වීම මෙම ආයතන දෙකේ බලාපොරොත්තුව වන අතර, මෙහි සම්පූර්ණ කටයුතු අවසන් කිරීමට රුපියල් මිලියන දෙකකට ආසන්න මුදලක් වැය වනු ඇති බව ගණන් බලා තිබේ.

ඔබ ‘ශ්‍රී ලාංකේය’ සිනමාවේ ‘රසිකයෙක්’ ද? මෙම දත්ත පද්ධතියට තොරතුරු ලබා දීමට ඔබත් කැමතිද? අප හා සම්බන්ධ වී ඔබ සතු තොරතුරු සහ ඡායාරූප ලබා දෙන්න! 0755192020 අංකයට වට්ස්ඇප් පනිවිඩයක් එවීමෙන් හෝ මුහුණු පොතේ ‘සිනමාලෝලීන් – SL Movie Fans’ කණ්ඩායමට එක්වීමෙන් මෙම දැවැන්ත කටයුත්ත සමඟ ඔබටත් සම්භන්ධ විය හැකියි.

READ:   ඉන්ධන බේදා හරින්න අලුත් සමාගමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්