Saturday, September 12, 2026
Homeදේශීයඅනවසර ඉදිකිරීම් ඉවත්කිරීම ගැන නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම ගැන නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

ගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලබන අගෝස්තු 10 වනදා දක්වා නීතිමය ක්‍රියාපටිපාටියෙන් පරිභාහිර කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට නීතිපති විසින් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා දෙන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ. ගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් සහ වගාවන් අද සවස 05.00 ට පෙර ඉවත්කරගන්නා ලෙස පොලිසිය විසින් දැනුම්දී තිබූ අතර එම නියෝගයට එරෙහිව ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දී තිබුණා.

READ:   සෞඛ්‍ය ඇතුළු සේවා අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්