Thursday, July 30, 2026
Homeදේශීයමැතිවරණ මහලේකම් කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්

මැතිවරණ මහලේකම් කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්

ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා ඒ බව ප්‍රකාශ කළා.

මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000ක් පමණ අනියුක්ත කර ඇති බව ඒ මහතා සඳහන් කළා.

මේ අතර මැතිවරණ මහලේකම් කර්යලය ආශිතව සහ රාජගිරිය ප්‍රදේශය අවට අද විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

READ:   බැසිල් රාජපක්ෂ යළි දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්