දේශීය

ලොරියේ හුලං ඇරපු පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

රථවාහන රාජකාරී සිදුකරණ පොලිස් නිලධාරියෙකු විසින් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා ගිය ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං යවන දර්ශන සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය වුණා.

එහිදී පොලිස් නිලධාරියාගේ ක්‍රියාවට එතැනට රැස්ව සිටි පුද්ගලයින් විසින් විරෝධය දක්වා සිටින ආකාරය ද විඩියෝවේ දක්නට ලැබුණා.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කරන්නේ අදාළ පොලිස් නිලධාරියා සිදුකරන එම ක්‍රියාව සම්පුර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවයි.

ඒ අනුව ඊයේ (03) සිට ක්‍රියාත්මක වන පරිදි එම පොලිස් සාජන්වරයාගේ වැඩ තහනම් කළ බව සඳහන් වෙනවා.

මේ අතර චෝදනා පත්‍රයක් ඔහුට ලබාදී අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝව පහතින්,

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

20 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

20 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago