Wednesday, September 16, 2026
Homeදේශීයලොරියේ හුලං ඇරපු පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

ලොරියේ හුලං ඇරපු පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

රථවාහන රාජකාරී සිදුකරණ පොලිස් නිලධාරියෙකු විසින් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා ගිය ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං යවන දර්ශන සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය වුණා.

එහිදී පොලිස් නිලධාරියාගේ ක්‍රියාවට එතැනට රැස්ව සිටි පුද්ගලයින් විසින් විරෝධය දක්වා සිටින ආකාරය ද විඩියෝවේ දක්නට ලැබුණා.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කරන්නේ අදාළ පොලිස් නිලධාරියා සිදුකරන එම ක්‍රියාව සම්පුර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවයි.

ඒ අනුව ඊයේ (03) සිට ක්‍රියාත්මක වන පරිදි එම පොලිස් සාජන්වරයාගේ වැඩ තහනම් කළ බව සඳහන් වෙනවා.

මේ අතර චෝදනා පත්‍රයක් ඔහුට ලබාදී අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝව පහතින්,

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ කෝප් කමිටු රැස්වීම අතරමඟ අත් හිටුවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්