දේශීය

රනිල් ගැන ගත්ත තීරණයෙන් පොහොට්ටුව දෙකඩ වෙයි ද?? පොහොට්ටු මැති ඇමතිවරු පිරිසක් ජනපති හමුවීමට යයි

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බව වාර්තා වෙනවා.

එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දිලුම් අමුණුගම, අනුප පස්කුවල්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ප්‍රේම්නාත් සී දොළවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වෙනවා.

ඊයේ රැස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ දී තීරණය වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට පක්ෂයේ සහය පළ නොකරීමටයි.

ඒ අනුව පොහොට්ටුවේ ලකුණ යටතේ පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් මැතිවරණයට එක්කිරීමට එහිදී තීරණය වුණා.

එම යෝජනාවට ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එහිදී ද විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

7 days ago