Saturday, April 18, 2026
Homeදේශීයරටින් පිට වීමට ගිය රන්ජන් රාමනායක යළි හරවා එවයි

රටින් පිට වීමට ගිය රන්ජන් රාමනායක යළි හරවා එවයි

විදෙස් ගතවීමක් සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නැවත හරවා යෑවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (27) කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට විදෙස්ගතවීම සඳහා රන්ජන් රාමනායක කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහුට විදෙස් ගමන් තහනමක් පැවතීම නිසා නැවත හරවා යෑවීමට කටයුතු කළ බවයි, කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන ඒකකය සඳහන් කර තිබුණේ.

කෙසේවෙතත් කෝරෝනා සමයේ සහල් බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවත් එම නඩුව හා විදෙස් ගමන් තහනම මේ වන විට ඉවත්කර ඇති බවත් රන්ජන් රාමනායක මහතා මෙහිදී ප්‍රකාශ කර තිබුණා.

එසේ විදෙස් ගමන් තහනම ඉවත්කරනු ලැබූවත් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයන් දැනුවත් කර නොතිබීම නිසා මෙම තත්වය ඇතිවූ බවයි රන්ජන් රාමනායක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

READ:   දශකයට පසු අද දෙමුහුන් සූර්යග්‍රහණයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්