Friday, July 24, 2026
Homeදේශීයහිරු රෙනෝලාට මාධ්‍යවේදී නිරෝෂ් වෙත රු කෝටියකට අධික වන්දියක් ගෙවන්න නියෝග.

හිරු රෙනෝලාට මාධ්‍යවේදී නිරෝෂ් වෙත රු කෝටියකට අධික වන්දියක් ගෙවන්න නියෝග.

හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08 ක කාලයක් සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් Asia Broadcasting Corporation (pvt) Ltd ආයතනය අද (28) පරාජයට පත්වුණා.

ඒ අනුව මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා සේවය අවසන් කිරීමේදී තිබූ චෝදනා කිසිවක් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට එම ආයතනය අසමත්වූ බව අධිකරණය නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සදහන් කළා.

එමෙන්ම ඔහුට එරෙහිව නගා තිබූ චෝදනා ආයතනයේ පාලනාධිකාරිය විසින් කිසිදු පදනමකින් තොරව හිතලුවක් ලෙසින් නගා ඇති බවත් ඒ අනුව වගඋත්තරකාර Asia Broadcasting Corporation සමාගම මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 135 ක මුදලක් ගෙවිය යුතු බවත් නියෝග කළා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සදහන් කළේ එළැඹෙන අගෝස්තු මස 02 වැනිදා දක්වා අභියාචනා කිරීමේ කාලයක් වගඋත්තරකාර පාර්ශවයට හිමිවන අතර ඒ දක්වා අදාළ වන්දි මුදල අධිකරණයේ තැන්පත් කළ යුතු බවයි.

උපුටා ගැනීම news19.lk වෙබ් අඩවියෙන්.

READ:   රටින් පිටවීමට ගිය බැසිල් රාජපක්ෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්