ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානය පරදා දකුණු අප්‍රිකාව ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 11යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 56ක් පමණයි.

ලකුණු 57ක ජයග්‍රාහී ඉලක්කයක් හබා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 8යි පන්දු 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් ලබා තරගය ජය ගත්තා.

දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙය වෙනවා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

23 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

23 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago