දේශීය

මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදුන් පිරිසට වැඩ වරදී.

රූපවාහිනී මාධ්‍යවේදියකු වන ධනුෂ්ක සෙනෙවිරත්න හට නන්නාඳුනන පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වෙනවා.

ඒ ඊයේ (21) අලුයම 03.00ට පමණ ඔහු නවාතැන් ගෙන සිටින කැලණිය ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළේ දී.

පහරකෑමෙන් තුවාල ලැබූ ධනුෂ්ක සෙනවිරත්න කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පහරදීමට සම්බන්ධ එක් සැකකරුවකු ඊයේ (21) රාත්‍රියේ පෑලියගොඩ පොලිසියට පැමිණ භාර වී ඇති අතර අනෙක් සැකකරු අද උදෑසන පොලිසියට භාර වී ඇති බවත් වාර්තා වෙනවා.

පහරදීමට අදාළ දර්ශන ඇතුළත් CCTV දර්ශන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago