ක්‍රීඩා

ලෝක කුසලානයේ ශ්‍රි ලංකා බංග්ලාදේශ තරගයේ නවතම තත්ත්වය

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 124ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 28 කදී ලකුණු 47ක් රැස් කළා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 125ක ඉලක්කයක් හබා යන බංග්ලාදේශය පන්දුවාර 12 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 92ක් ලබා ගෙන සිටිනවා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තයට එරෙහිව පැවැති තරගය ලකුණු 84ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රමනුල්ලා ගුර්බාස් ලකුණු 80යි.

ලකුණු 160ක ඉලක්කයක් හබා ගිය නවසීලන්තයට ඇෆ්ගනිස්ථාන පන්දු යවනන් හමුවේ පනදුවාර 15යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 75ක් පමණයි.

file

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago