Wednesday, April 22, 2026
Homeක්‍රීඩාලෝක කුසලානයේ ශ්‍රි ලංකා බංග්ලාදේශ තරගයේ නවතම තත්ත්වය

ලෝක කුසලානයේ ශ්‍රි ලංකා බංග්ලාදේශ තරගයේ නවතම තත්ත්වය

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 124ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 28 කදී ලකුණු 47ක් රැස් කළා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 125ක ඉලක්කයක් හබා යන බංග්ලාදේශය පන්දුවාර 12 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 92ක් ලබා ගෙන සිටිනවා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තයට එරෙහිව පැවැති තරගය ලකුණු 84ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රමනුල්ලා ගුර්බාස් ලකුණු 80යි.

ලකුණු 160ක ඉලක්කයක් හබා ගිය නවසීලන්තයට ඇෆ්ගනිස්ථාන පන්දු යවනන් හමුවේ පනදුවාර 15යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 75ක් පමණයි.

file
READ:   බංග්ලාදේශය ප්‍රබල ඉන්දියාව පරාජය කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්