Wednesday, July 15, 2026
Homeදේශීයසනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය සිය උපන් ගම වන මාතර, පෞද්ගලික රෝහලකදී මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඇය 80 වන වියෙහි පසුවුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ඇමරිකාවට ගොස් සිටි සනත් ජයසූරිය එම පුවත සැලවීමත් සමඟ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා මාතරදී සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

READ:   මිහින්තලේ ආරක්ෂාවට හිටි ආරක්ෂක නිලධාරීන් 252ම ඉවත් කෙරේ. මිහින්තලේ ප්‍රශ්නෙට ආණ්ඩුව දුන්න විසඳුම ගැන මතභේදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්