Friday, April 24, 2026
Homeක්‍රීඩා2024 IPL කිරුළ කොල්කටා කණ්ඩායම දිනාගනී

2024 IPL කිරුළ කොල්කටා කණ්ඩායම දිනාගනී

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කිරුළ දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) සමත් වුණා.

ඒ අවසන් තරගයේ දී සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්.

හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හබා ගිය කොල්කටා පිළ පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 08ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තා.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී වේගවත් ලකුණු 52 ක් රැස් කළා.

ඊට හයේ පහරවල් 03ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

රමනුල්ලා ගුර්බාස් පන්දු 32කදී ලකුණු 39ක් රැස් කළා.

ඒ හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ද සමගින්.

file
READ:   පාකිස්තානයේ ජය ඉන්දියාව උදුරා ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්