මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිධුරය පසුගිය අප්‍රේල් 29 වැනිදා සිට පුරප්පාඩු වී ඇත. මෙම තනතුර පුරප්පාඩු වීමත් සමඟ රුසියාවේ ඉගෙනු ලබන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික සිසුන් සහ කම්කරුවන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයිද රුසියාන් ශ්‍රී ලාංකික තානාපති සේවයෙන් වාර්තා වේ. එමෙන්ම මේවන විට පවතින යුක්‍රේන-රුසියා ගැටුමෙන් පැන නගින සංකීර්ණතා හමුවේ රුසියාවේ ශ්‍රී ලාංකික තානාපතිවරයකු අත්‍යවශය වී ඇතැයිද තානාපති සේවය විසින් ප්‍රකාශ කර ඇත.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය සේවා දිගු තුනකින් පසු අප්‍රේල් 29 වැනිදා සිය සේවා කාලය අවසන් කිරීමත් සමඟ මෙම පුරප්පාඩුව ඇති වී තිබේ. හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගේ සමීපතමයෙකු සහ මීට පෙර තානාපති ආචාර්ය දයාන් ජයතිලක යටතේ ශ්‍රී ලංකා දූත මෙහෙවරට සම්බන්ධ වූ පණ්ඩුල ද සොයිසා එම තනතුර සඳහා නම් කර ඇත. කෙසේ වෙතත්, ඔහුගේ නාමයෝජනාව ප්‍රකාශිත හේතුවක් නොමැතිව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. රුසියානු හමුදා ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් පණ්ඩුලගේ යුක්රේන බිරිඳ විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ විරෝධතා මෙම ප්‍රතික්ෂේප කිරීමට හේතු වන්නට ඇතැයි විදෙස් කටයුතු ආරංච් මාර්ග කියා සිටියි. .
තානාපති පත්වීම් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ උසස් නිලතල කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසුවය. පණ්ඩුල ද සොයිසාගේ අපේක්ෂකත්වය කිසි විටෙක ප්‍රසිද්ධියේ හෙළි නොකළ අතර එය විනිවිදභාවය පිළිබඳ ගැටලු මතු කෙරිණි. ප්‍රතික්ෂේප කිරීම නොතකා, විදේශ අමාත්‍යාංශය විසින් පණ්ඩුල වෙළෙඳ හා දේශපාලන කටයුතු අමාත්‍යවරයා ලෙස මොස්කව් වෙත යැවූ අතර, එය මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් මීට පෙර රුසියාව විසින් අසාදු ලේඛනගත කළ උදයංග වීරතුංගගේ ආන්දෝලනාත්මක පත්වීම සිහිපත් කරන පියවරක් බව විදෙස් සම්බන්ධතා පිළිබඳ විශ්ලේෂකයෝ කියා සිටිති.
ඉන්පසුව විදේශ අමාත්‍යාංශය විසින් ජෝර්දානයේ හිටපු තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය නම් කරන ලදී. ඇයගේ නාමයෝජනා රුසියාව විසින් පිළිගනු ලැබුවද, අවසානයේ හෙළි නොකළ හේතූන් මත ඇය එම තනතුර ප්‍රතික්ෂේප කළාය. එම තීරණයට පෙර ඇය රුසියාව – ශ්‍රී ලංකා ව්‍යාපාරික මණ්ඩලය ඇතුළු රුසියානු සංවිධාන කිහිපයක් සමඟ කොළඹදී රැස්වීම් පවත්වා තිබේ.
මේ වන ව්ට පුරප්පාඩුව විසඳීම සඳහා, (විශ්‍රාමික!) ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු මොස්කව් වෙත යැවීමට රජය සැලසුම් කර ඇති අතර විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මාධ්‍ය වෙත සහතික වූයේ මෙම අතුරු පියවර මගින් තානාපති කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යනු ඇති බවයි.
වත්මන් රාජ්‍ය තාන්ත්‍රික අවුල් සහගත තත්ත්වය මොස්කව්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ශක්තිමත්, දක්ෂ නායකත්වයක අවශ්‍යතාවය අවධාරනය කර ඇත. ඵලදායී නියෝජනය ද්විපාර්ශ්වික සබඳතා කළමනාකරණය සඳහා පමණක් නොව, පවතින භූ දේශපාලනික ආතතීන් මධ්‍යයේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම සඳහා ද ඉතා වැදගත් වේ. මෙම අභියෝග ජය ගැනීමට සහ රුසියාව තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරය ශක්තිමත් කිරීමට දක්ෂ තානාපතිවරයකු පත් කිරීම අත්‍යවශ්‍ය වේ.
මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පෝෂණය කිරීම සහ පවත්වාගෙන යාම, ආර්ථික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතික හා අධ්‍යාපනික හුවමාරුවලට සහාය වීම සහ ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ප්‍රධාන ආයතනයක් වුවද මෑත කාලීන රාජ්‍යතාන්ත්‍රික කටයුතු සැලකිය යුතු අභියෝග වලට ලක් වීම පිළිබඳ තානාපති සේවය පිළිබඳ විශ්ලේෂකයන්ගේ විමතියටද හේතු වී තිබේ.


