දේශීය

මුදල් විශුද්ධිකරණ නඩුවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්

බොරැල්ල කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගි නිවෙසක් මිල දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදහස් කිරීමට ඊයේ (30)කොළඹ මහාධිකරණය නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

විත්තිකරු එම දේපොළ මිල දී ගැනීමට උපයෝගි කරගත් මුදල සිය දේශපාලන ආධිපත්‍ය සාවද්‍ය ලෙස යොදවා උපයා ගත් මුදලක් බවට හෝ අල්ලසක් ලෙස නැති නම් නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලබ්ධි වූ මුදල් යොදවා මිල දී ගත් දේපොළක් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැති බවයි එහි සඳහන්ව ඇත්තේ.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago