file
බොරැල්ල කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගි නිවෙසක් මිල දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදහස් කිරීමට ඊයේ (30)කොළඹ මහාධිකරණය නියෝග කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
විත්තිකරු එම දේපොළ මිල දී ගැනීමට උපයෝගි කරගත් මුදල සිය දේශපාලන ආධිපත්‍ය සාවද්‍ය ලෙස යොදවා උපයා ගත් මුදලක් බවට හෝ අල්ලසක් ලෙස නැති නම් නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලබ්ධි වූ මුදල් යොදවා මිල දී ගත් දේපොළක් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැති බවයි එහි සඳහන්ව ඇත්තේ.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…