ක්‍රීඩා

දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාව වාර්තා ගත ජයක් ලබයි

දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (17) පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ කාන්තා කණ්ඩායමක් එක්දින තරගාවලියක ඉහළම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය වාර්තා කිරීමේ වාර්තාව ද සතු කර ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 301ක් රැස් කළා.

එහිදී දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් රැස් කළා.

ඊට හයේ පහර 05ක් සහ හතරේ පහර 26ක් ඇතුළත් වුණා.

තරගයේ වීරයා බවට පත්වුණේ චමරි අතපත්තු.

තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර දෙවන තරගය දකුණු අප්‍රිකාව ජය ගත්තා.

ඒ අනුව තරග එකට එකක් ලෙස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් වුණා.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago