දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (17) පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
ඒ කාන්තා කණ්ඩායමක් එක්දින තරගාවලියක ඉහළම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය වාර්තා කිරීමේ වාර්තාව ද සතු කර ගනිමින්.
පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 301ක් රැස් කළා.
එහිදී දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් රැස් කළා.
ඊට හයේ පහර 05ක් සහ හතරේ පහර 26ක් ඇතුළත් වුණා.
තරගයේ වීරයා බවට පත්වුණේ චමරි අතපත්තු.
තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර දෙවන තරගය දකුණු අප්‍රිකාව ජය ගත්තා.
ඒ අනුව තරග එකට එකක් ලෙස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් වුණා.