file
සිංහල අලුත් අවුරුදු කාලය තුළ ශක්තිය වැය වන ක්‍රීඩාවලට ප්‍රමුඛතාව දෙමින් දරුවන් ඒ සදහා යොමු කළ යුතු අතර ක්‍රීඩාව කිරීමට පෙර ජලය, තැඹිලි, කුරුම්බා වතුර, කැඳ, සුප් ආදිය දීමට මවුපිය වැඩිහිටියන් පියවර ගත යුතුයැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දිනමිණට ඊයේ (5) පැවසීය.
අවුරුදු කාලය තුළදී තෙල් කෑම ආහාරයට ගැනීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර, ඉන් ශරීරයේ නිපදවෙන කැලරි සංඛ්‍යාව අඩු කරගැනීමට ශක්තිය වැය වන ක්‍රීඩාවලට දරුවන් මෙන්ම වැඩිහිටියන්ද යොමු වීම ඉතා වැදගත් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ දිනවල ශ්‍රී ලංකාවට හිරු මුදුන් වීමත් සමඟ දැඩි හිරු රශ්මියක් පවතින අතර, හිරු රශ්මිය අඩු අවස්ථාවල ක්‍රීඩාවල යෙදීම වැදගත් බවද ඒ මහතා පැවසුවේය.
දැඩි හිරු රශ්මිය නිසා දරුවන් විජලනය වීමට වැඩි ප්‍රවණතාවක් ඇති බවත් දැඩි හිරු රශ්මිය නිසා තාප කම්පන අවස්ථා ඇති වීම නිසා මැරතන් වැනි ධාවන තරග පැවැත්වීම හිරු රශ්මිය නැති අවස්ථාවල පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.
උෂ්ණාධික කාලගුණයත් සමඟ දහඩිය මඟින් සිරුරේ ඇති සෝඩියම් හා ජලය පිට වීම සිදු වන අතර, සිරුරට ඒවා ලබා ගැනීමට තැඹිලි, කුරුම්බා, ස්වාභාවික පලතුරු යුෂ, කැඳ, සුප් වැනි දෑ පානයේදී ලුණු භාවිත කළ යුතු බවද ඒ මහතා පැවසීය.
:දිනමිණ
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…