Thursday, March 5, 2026
Homeදේශීයතෙල් කෑම වැඩි අවු­රුදු සම­යේ සවිය වැය වන කෙළි සෙල්ල­ම්ව­ලට මුල්තැන දෙන්න

තෙල් කෑම වැඩි අවු­රුදු සම­යේ සවිය වැය වන කෙළි සෙල්ල­ම්ව­ලට මුල්තැන දෙන්න

සිංහල අලුත් අවු­රුදු කාලය තුළ ශක්තිය වැය වන ක්‍රීඩා­ව­ලට ප්‍රමු­ඛ­තාව දෙමින් දරු­වන් ඒ සදහා යොමු කළ යුතු අතර ක්‍රීඩාව කිරී­මට පෙර ජලය, තැඹිලි, කුරුම්බා වතුර, කැඳ, සුප් ආදිය දීමට මවු­පිය වැඩි­හි­ටි­යන් පිය­වර ගත යුතු­යැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දින­මි­ණට ඊයේ (5) පැව­සීය.

අවු­රුදු කාලය තුළදී තෙල් කෑම ආහා­ර­යට ගැනීමේ වැඩි ප්‍රව­ණ‍තා­වක් පව­තින අත‍ර, ඉන් ශරී­රයේ නිප­ද­වෙන කැලරි සංඛ්‍යාව අඩු කර­ගැ­නී­මට ශක්තිය වැය වන ක්‍රීඩා­ව­ලට දරු­වන් මෙන්ම වැඩි­හි­ටි­යන්ද යොමු වීම ඉතා වැද­ගත් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ දින­වල ශ්‍රී ලංකා­වට හිරු මුදුන් වීමත් සමඟ දැඩි හිරු රශ්මි­යක් පව­තින අතර, හිරු රශ්මිය අඩු අව­ස්ථා­වල ක්‍රීඩා­වල යෙදීම වැද­ගත් බවද ඒ මහතා පැව­සු­වේය.

දැඩි හිරු රශ්මිය නිසා දරු­වන් විජ­ල­නය වීමට වැඩි ප්‍රව­ණ­තා­වක් ඇති බවත් දැඩි හිරු රශ්මිය නිසා තාප කම්පන අවස්ථා ඇති වීම නිසා මැර­තන් වැනි ධාවන තරග පැවැ­ත්වීම හිරු රශ්මිය නැති අව­ස්ථා­වල පැවැ­ත්වී­මට අව­ධා­නය යොමු කළ යුතු බවත් ඒ මහතා අව­ධා­ර­ණය කළේය.

උෂ්ණා­ධික කාල­ගු­ණ­යත් සමඟ දහ­ඩිය මඟින් සිරුරේ ඇති සෝඩි­යම් හා ජලය පිට වීම සිදු වන අතර, සිරු­රට ඒවා ලබා ගැනී­මට තැඹිලි, කුරුම්බා, ස්වාභා­වික පල­තුරු යුෂ, කැඳ, සුප් වැනි දෑ පාන­යේදී ලුණු භාවිත කළ යුතු බවද ඒ මහතා පැව­සීය.

:දින­මි­ණ

READ:   ටිකිරි කේ. ජයතිලක කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්