ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 863ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 806 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 57 ක් ද සමගින්.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 806 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 45 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 10 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 35 ක් සහ වත්කම් විමර්ශනය ආරම්භ කල සැකකරුවන් 03 ක් සිටින බව පොලිසිය පවසනවා.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 57 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 04 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 49 ක් ද ඇඟිලි සටහන් ඔස්සේ අණාවරණය වු සැකකරුවන් 02 ක් හා බල අපරාධ සම්බන්ධයෙන් හදුනාගෙන අත්අඩංගුවටගත් සැකකරුවන් 02 ක් ද වෙනවා.
මේ අතර පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ ලේඛනගත පාතාල අපරාධකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අලුතින් පිහිටුවන ලද කණ්ඩායම් 20 මගින් මේවනවිට ලේඛනගත පාතාල අපරාධකරුවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් 137 දෙනා අතරින් සැකකරුවන් 70 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අදාළ වැටලීම් වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් දැක්වෙනවා.
හෙරොයින් 259g 953mg
අයිස් 176 g 33 mg
ගංජා 09 kg 012 g
ගංජා පැල 9,444
මාවා 01kg 256 g
මදන මෝදක 70 g
තුල් 12 g 97 mg
කුෂ් 12 g 29 mg


