දේශීය

සැකකරුවන් 863ක් අල්ලයි

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 863ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 806 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 57 ක් ද සමගින්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 806 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 45 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 10 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 35 ක් සහ වත්කම් විමර්ශනය ආරම්භ කල සැකකරුවන් 03 ක් සිටින බව පොලිසිය පවසනවා.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 57 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 04 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 49 ක් ද ඇඟිලි සටහන් ඔස්සේ අණාවරණය වු සැකකරුවන් 02 ක් හා බල අපරාධ සම්බන්ධයෙන් හදුනාගෙන අත්අඩංගුවටගත් සැකකරුවන් 02 ක් ද වෙනවා.

මේ අතර පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ ලේඛනගත පාතාල අපරාධකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අලුතින් පිහිටුවන ලද කණ්ඩායම් 20 මගින් මේවනවිට ලේඛනගත පාතාල අපරාධකරුවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් 137 දෙනා අතරින් සැකකරුවන් 70 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අදාළ වැටලීම් වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් දැක්වෙනවා.

හෙරොයින් 259g 953mg
අයිස් 176 g 33 mg
ගංජා 09 kg 012 g
ගංජා පැල 9,444
මාවා 01kg 256 g
මදන මෝදක 70 g
තුල් 12 g 97 mg
කුෂ් 12 g 29 mg

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

12 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

12 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

22 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

22 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

22 hours ago