Saturday, May 16, 2026
Homeදේශීයමෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා නීතිඥවරුන් CID යයි

මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා නීතිඥවරුන් CID යයි

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) නීතිඥ මනෝජ් නානායක්කාර ඇතුළු පිරිසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ අමිලගොඩ මහවත්ත මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කළ යුතු බවයි.

එසේ විමර්ශන සිදු නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද ඉදිරි පියවර ගන්නා බව නීතිඥවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

අදාළ දර්ශන ද සහිත විඩියෝව පහතින්,

READ:   මෛත්‍රීපාල කොරියාවේ පදිංචියට?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්