දකුණු පළාත කේන්ද්‍ර කර ගෙන අද (18) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එම පළාතේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම මෙහෙයුම උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවා.
ඒ සඳහා වන සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


