දේශීය

ජනාධිපතිවරයා වංචා දූෂණ නැවතීමට අණ පනත් ගෙනවිත් ආරම්භ කළ ක්‍රියාවලිය හැමෝම ඉදිරියට අරගෙන යන්න ඕන! – මනූෂ නානායක්කාර

ජනාධිපතිවරයා වංචා දූෂණ නැවතීමට අණපනත් ගෙනෙමින් පටන්ගත් ක්‍රියාවලිය අමාත්‍යවරුන්, රජයේ සේවකයින්, ව්‍යාපාරිකයින් හැටියට සියල්ලන් පටන් ගත යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉකුත්දා (10) ‘ඇතුගල්පුරට ස්මාට් පෙරළියක්’, ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් කුරුණෑගල වැහැර ක්‍රිඩාංගණයේදී ආරම්භ කරමින් ප්‍රකාශ කළේය.

එවරස්ට් කන්ද තරණය කුරුණෑගල ජයන්ති කුරු උතුම්පාල එහිදී සිහිපත් කළ අමාත්‍යවරයා එවන් අභියෝගයක් ජය ගත් කාන්තාවක් උපන් කුරුණෑගල තරුණයින්ටද ලෝකය ජයගැනීමේ හැකියාව ඇති බව ප්‍රකාශ කළේය.

වෘත්තීය පුහුණුව ලබා දෙමින්, රැකියාවල පිහිටුවමින්, ස්මාට් යූත් ක්ලබ් පිහිටුවමින්, වෘත්තීය උපදේශනය දීමට ජනාධිපතිවරය උපදෙස් දී ඇති බව එහිදී ප්‍රකාශ කළ අමාත්‍යවරයා, සුබවාදීව සිතන්නේ නම් ජීවිතය ජයගත හැකි වන බවද එහිදී අවධාරණය කළේය.

සීගිරිය නිර්මාණය කරමින් රටට ඩොලර් ගේන නායකයා වූ කාශ්‍යප රජුව එදා ඝාතනය කළා මෙන් වර්තමානයේදීද එවන් පාලකයින්ගේ නම් විනාශ කරන පාර්ශ්ව සිටින බවත් මුදල් ඇති තැනට පහර දී නැති කෙනාට දීමට ඉගැන්වූ රටක ව්‍යවායකයන් නොහැදෙන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

“කුඩා කාලෙ ඉඳන් අපේ රටේ කියන්නේ ව්‍යවසායකයා හොරෙක් මංකොල්ලකාරයෙක් කියලා. සල්ලි තියෙන අයගෙන් උදුරලා දෙන අයයි වීරයෝ කියලා අපිට කියලා දීලා තියෙන්නේ. මට අවුරුදු 11දී තාත්තා නැති වුණාට මම අධ්‍යාපනය සපුරලා, මාධ්‍යයට ඇවිල්ලා, දේශපාලනයටත් ආවා. එහෙම වෙලා ලංකාවේ ලාබාලම කම්කරු ඇමතිවරයා වුණා. එහෙම වුණේ මට බෑ, නෑ නොකිව්ව නිසයි.
ජනාධිපතිතුමා එතුමාගෙන් පටන්ගත්තා. වංචා දූෂණ නතර කරන්න ඕන පනත් ගෙනාවා. කාන්තාවන්ට පසුගියදා ලිංගික සමානාත්මතාව පිළිබඳ පනත ගෙනවා. කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ පනත ගෙනාවා. තරුණයන් සවිමත් කරන්න මුදල් දුන්නා. දැන් අපි කැබිනට් ඇමතිවරු විදිහට අපි පටන්ගන්න ඕන. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ඉඳන් රාජ්‍ය යාන්ත්‍රණය මේක පටන්ගන්න ඕන. ව්‍යාපාරිකයෝ පටන්ගන්න ඕන මගෙන් වෙනස් වෙන්න. මහා භාණ්ඩාගාරයේ අද සල්ලි තියෙනවා අතිරික්තය රුපියල් බිලියන 300ක්, හදිසියක් වුණොත් මිනිසුන්ට කන්න බොන්න, තෙල්, ගෑස් ටික දෙන්න.”
අමාත්‍යවරයා තරුණ දිරිගැන්වීමේ වැඩසටහනක් මෙහෙයවූ අතර එහිදී කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයක්ද සිදු කෙරිණි.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

පාස්කු ප්‍රහාරයට මාව අත්අඩංගුවට ගන්නෙපා.-ගෝඨාභයගෙන් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…

10 hours ago

මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ වැඩ අරඹයි.

රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…

10 hours ago

බාහිර දේවල් අමතක කර ක්‍රීඩාවට විතරක් අවධානය දෙන්න – ශ්‍රී ලංකා හිටපු නායක අනුර තෙන්නකෝන්ගෙන් සූර්යවංශීට උපදෙසක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…

1 day ago

වසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.

ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…

1 day ago

ඩෙංගු බෝ කර­න්නන්ට තරා­ති­රම නොබලා නීතිය තදින්

මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසං­ගත තත්ත්ව­යක් දක්වා වර්ධ­නය වීමේ අව­දා­නම…

1 day ago

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයේ වැඩ අරඹයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…

1 day ago