දේශීය

රට ගොඩ ගත් නායකයා ගැන ආයේ ටෙස්ට් කරන්න දෙයක් නෑ – UNP ය වටා මිනිසුන් ගොනු වීමේ පෙර නිමිති තමයි අද කුලියාපිටියෙන් ආරම්භ වුණේ – මනූෂ

එක්සත් ජාතික පක්ෂය වටා ජනතාව ඒකරාශී වීමේ පෙරනිමිති කුලියාපිටියෙන් ආරම්භ වී ඇති බවත් රට බාර දිය යුතු අනාගත නායකයා කවුදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවන තරමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ආශ්චර්යය පෙන්වා ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (10) ජනපති පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ පළමු එක්සත් ජාතික පක්ෂ ජන රැළියට කුලියාපිටියේදී සහභාගි වෙමින් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙළ සාමාජිකයින් වන අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකත්වය දරන මැති ඇමතිවරු, පක්ෂ සාමාජිකත්වය, මහජනතාව විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී ජන රැළිය අමතමින් මෙසේ ප්‍රකාශ කළේය.

file

“එක්සත් ජාතික පක්ෂයේ හයිය පෙන්නන්න, පුළුවන් නම් පාරට බහින්න කියලා අපිට කිව්වා. අද අද අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා සමග අපි පාරට බහැලා කුලියාපිටියට ඇවිල්ලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හයිය පෙන්නන්න තමයි. මේ ආරම්භය විතරයි, මේ පටන්ගත්තා විතරයි. රට අමාරුවෙ වැටිච්ච වෙලාවේ ඤං පචං ගාලා, කකුල් වෙව්ලන්නේ නැතිව, ආණ්ඩු ගන්න බැරුව, ගෙවල් අස්සේ රිංගගෙන ඉන්නේ නැතිව, උඩ තට්ටුවලට වෙලා, පල්ලෙහාට බහින්නෙ නැතුව කරන්න තියෙන වෙනස කරලා, තමන්ගේ ගේ ගිනි තියද්දි, රට බාරගෙන අද රට මෙතන්ට ගෙනත් හුස්මගන්න පුළුවන් වෙන තැනට රට ගෙනාව විතරක් නෙවෙයි, බංකොලොත් වෙච්ච රට බංකොලොත් නොවන රටක් බවට කියන්න පුළුවන් තැනට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.
එක්සත් ජාතික පක්ෂය වටා එක්සත් ජාතික මිනිසුන් විදිහට සියලු මිනිසුන් එකට ඒකරාශී වීමේ පෙරනිමිති තමයි මේ අද කුලියාපිටිය, කුරුණෑගලින් සනිටුහන් කරන්නේ. අපිට ගමට යන්න බෑ කියනකොට අපි අද ගමක් ගමක් පාසා යනවා. අද අපි නගරයක් නගරයක් පාසා යනවා. එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යනවා. අද මේ හයිය කුරුණෑගලින් අපි පටන්ගන්නේ. එදා බලය බාරගන්නකොට බාර ගන්න බෑ කියලා කකුල් වෙව්ලපු අය, බාරගන්න බෑ කියපු අය, ඒකත් කෙරෙනව නම් මේකත් නොකෙරෙනව නම් ‘නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටුවයි තව එකකුයි ඉල්ලපු’ කයිවාරුකාරයෝ, කයියනායකලා අද කියනවා අපි රට හදන්නම් කියලා. දෙන්න, අපි රට ගොඩ ගන්නම් කියලා. මේක හරියට අන්දරේට ගල් උස්සන්න කිව්වම හීනටි හාලේ බතුයි කළුකොන් මසුයි කාලා ගල උස්සලා මගේ කරින් තියන්න කිව්වා වගේ. එහෙම ප්‍රායෝගික නැති, අද මාලිමාව කියලා වෙන නම් දාගෙන ආව, 88-89 කාලේ අපේ තාත්තලා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මිනිසුන් ඝාතනය කරපු ඒ කණ්ඩායම තමයි මේ නම් වෙනස් කරගෙන ඇවිත් තියෙන්නේ. ඒ සමාජයට රටට මුහුණ දෙන්න බැරි නිසා. ඔය කණ්ඩායම තමයි 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත් එක්ක එකතු වෙලා පරිවාස ආණ්ඩුව හැදුවේ. ඔය කණ්ඩායම මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෝස්ටර් ගැහුවේ. ඔය කණ්ඩායම තමයි මෛත්‍රීපාල සිරිසේන මැතුතිමා ජනාධිපතිතුමා පිටිපස්සේ ඉඳලා වංචා දූෂණ කොමිසම් හදාගෙන ආපු කණ්ඩායම. මේ එකම කණ්ඩායම තමයි එක එක වෙලාවට එක එක වෙස්මූණු දාගෙන ඇවිත් අද මාලිමාව කියලා එන්නේ. දැන් මේ අය රට පුරා රැස්වීම් කරනවා දැවැන්ත මුදලක් වියදම් කරලා. කාන්තාවො ගෙනල්ලා, බස් දාලා, රට වටෙන්ම සෙනග ගෙනල්ලා හොයාගත්තේ කාන්තාවො සියයයි, පියවුරු දෙසීයයි කියන එක. ඕක තමයි ලොකුම කතාව.
කාන්තාවො ගෙනත් තියලා, සෙල්ෆී ගැහුවා, ෆොටෝ ගැහුවාට ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවද? අපේ, ඔබේ, මේ රටේ ජනාධිපති රනිල් වික්‍රම මැතිතුමා කාන්තාව සවිබල ගැන්වීමේ ගැසට් එක නිකුත් කළා. ලිංගික සමානාත්මතාව පිළිබඳ ගැසට් නිකුත් කළා. කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වළකන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. බත ඉදෙනකොට දුක දැනිච්ච අම්මලාට අප්‍රේල් මාසෙදි හාල් කිලෝ විස්සක් දෙන්න තීරණය කළා. රුපියල් මිලියන 2.4ක් ගමට දෙන්න තීරණය කළා. එක මිටට කියලා ඇවිත්, නළුවා වගේ ඇවිදලා සෙල්ෆි ගැහුවා කියලා කාන්තාවන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නෑ. සෙල්ෆි ගැහුවා විතරයි. ඒවට සහන දුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි.
මේ රට වැටිච්ච වෙලාවේ රට බාර ගන්න බෑ කියපු අය අද අලුත් කතා කියනකොට රට බාරගන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කළා. ඒ වෙලාවේ ආර්ථික කණ්ඩායම ගෙනල්ලා ඇහුවා මොකක්ද මේකේ ඇත්තම තත්ත්වේ, මේක ගොඩගන්න පුළුවන්ද කියා. එතකොට කිව්වා ‘මේක කරන්න බෑ. හෙළ ගැඹුරුයි, අමාරුයි. මේක අරගෙන ජනාධිපති පුටුවේ වාඩි වෙලා මට අවුරුදු පහ නැති කරගන්න බෑ, අවුරුදු දෙකක් ජනාධිපතිකම්, අගමැතිකම් කරන්න ගිහිල්ලා’ කියලා. මිනිස්සු පාරවල් ගාණේ මැරෙන වෙලාවේ, හන්දි හන්දි ගාණේ රණ්ඩු කරන වෙලාවේ, දරුවෝ කිරිපිටි නැතිව අඬන වෙලාවේ, වැඩිහිටියෝ බෙහෙත් නැතිව ඉස්පිරිතාලවල මැරෙන වෙලාවේ තමන්ගේ ජනාධිපතිකම, අගමැතිකම, අවුරුදු පහ නැති කරගැනීම විතරක් කල්පනා කළා. අනුර කුමාර දිසානායක ළඟටත් එක එක කට්ටිය යවලා කතා කළා. එතකොට ‘කෝ මට කිව්වේ නෑනේ’ කියලා කර ඇරියා.
අපි පාර්ලිමේන්තුවේදී පෙබරවාරි මාසේ ඉඳලා කිව්වා සියලු පක්ෂ එකතු වෙන්න, මේක කවුරුහරි බාරගන්න. අනුර කුමාර, සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා, සුමන්දිරන්ට බැරිම නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි බාරගන්න කියලා. හැබැයි ඒ එක්කෙනෙක්වත් ඒ ආර්ථික අමාරුව බාරගත්තේ නෑ. ඇත්ත කතා කරලා ජන අරගලය පටන්ගත්තු දැක්මක් තියෙන, ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන නිසි වෙදකම දෙන්න වෙදැදුරා විදිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාර ගත්තා. එතන ඉඳලා රටේ ආර්ථිකය හදන්න ජාත්‍යන්තරය සමග සාකච්ඡා කරලා අපි යම් සහනයක් ගත්තා. සංචාරකයෝ ආවා. අර ජෙප්පෝ සල්ලි එවන්න එපා කියද්දි මේ කුරුණෑගල වීරෝදාර කාන්තාවො විදේශගත ශ්‍රමිකයො සල්ලි එවන්න පටන් ගත්තා. රුපියල් බිලියන 09ක් මුදල් ආවා. සංචාරක කර්මාන්තය, නිෂ්පාදන ආර්ථිකය, තෙල් නැතුව වැහුණ කර්මාන්තශාලා නැවත ගොඩනැගුණා. අහස උසට ගිය පොලී අනුපාතිකය පහළට වැටුණා. උද්ධමනය අඩු වුණා. අටසීයට යයි කිව්ව ඩොලරය තුන්සීයට අඩු කළා. මේක ආශ්චර්යයක්. මේකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශ්චර්යය. දැන් කියනවා කට්ටියටම දීපු එකේ ආයේ අර කට්ටියට දීලා බලමුද කියලා. දැන් ටෙස්ට් කරන්න දෙයක් නෑ. ඒකට රට ගොඩ නගපු හේතුව, අපේ නායකයා මෙතන ඉන්නවා. ආයේ ටෙස්ට් කරන්න මේක මීයන්ගේ ලැබ් එකක් නෙවෙයි. මේ රටේ මිනිස්සු ලැබ් එකකට දාපු මීයො නෙවෙයි. මේ රට ගොඩනගන්න පුළුවන්, දැක්මක් සහිත නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.”

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

Recent Posts

ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 50,000 ඉක්මවයි

කොළඹ, ජූනි 27 ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වන විට වසංගත මට්ටමට ළඟා වී…

4 hours ago

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දියතලාවේ මාරක අනතුරක්: පුද්ගලයින් 42ක් රෝහලට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට…

4 hours ago

Sri Lanka Introduces First Rotary Car Parking System

Colombo, June 26 Hayleys Aventura has introduced Sri Lanka’s first Rotary Car Parking System, marking…

15 hours ago

SJB චෝදනා JVP ප්‍රතික්ෂේප කරයි – නීතිමය පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, සමගි ජන බලවේගය මාධ්‍ය හමුවකදී ඉදිරිපත්…

16 hours ago

මත්ද්‍රව්‍යයට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කොළඹදී විරෝධතා පාගමනක්

මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව අද (26) කොළඹදී විශාල ජනතා සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍ය…

17 hours ago

රුවන්වැලි මහාසෑයේ චූඩාමාණික්‍යයේ මැණික් වංචාවක් පිළිබඳ CIDයට පැමිණිල්ලක්

2020 වසරේ රුවන්වැලි මහාසෑය හි චූඩාමාණික්‍යය මාරු කිරීමේදී වටිනා මැණික් අතුරුදන් වූ බවට චෝදනා කරමින්…

18 hours ago