දේශීය

ඇමති මනූෂගෙන් කුවේට් අයෝජකයින්ට විශේෂ ආරාධනයක්

ශ්‍රී ලංකාවේ පවතින අයෝජනයන්ට හිතකර පරිසරයෙන් උපරිම ඵල නෙලා ගැනීමට එක්වෙන ලෙස කුවේට් රාජ්‍යයේ අයෝජකයින් හට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විශේෂ ආරාධනයක් කළේය.

ශ්‍රී ලංකා රජය සහ සහ කුවේට් රජය අතර 2009 වසරේදී අත්සන් තැබූ ආයෝජන ප්‍රවර්ධනය සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුම මගින් පහසුකම් රැසක් උදාවන බවත් එහි උපරිම ඵලය නෙලා ගැනීමට කුවේට් රාජ්‍යයේ ආයෝජකයින් හට අවස්ථාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

file

අමාත්‍යවරයා මෙම ආරාධනය ඉදිරිපත් කර සිටියේ කුවේට් රාජ්‍යයේ ජාතික දිනය සැමරීම වෙනුවෙන් පසුගියදා (26) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දෙරට අතර අත්සන් තැබූ මෙම ගිවිසුම ප්‍රතිලාභ උපරිමයෙන් අත්පත් කරගයුතු බවයි. ඒ අනුව අදාල ගිවිසුම මගින් අත්වන ඉතා අඩු අගයක පවතින ආයතනික බදු සහ විශේෂ ආර්ථික කලාපවල පිරිනැමෙන ආයෝජන අවස්ථා ඇතුළු විශේෂ මූල්‍ය දිරිගැන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමට කුවේට් අයෝජකයින් හට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන් ආරාධනා කරන බවද හෙතෙම පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් දැක්වීය,

“ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍ය අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මීට දශක පහකට පෙරයි ඇති කරගත්තේ. අද වන විට රාජ්‍යයන් දෙකම ඉතා සමීප සහ සුහද සබඳතා භුක්ති විඳිනවා. 1995 සහ 1981 වර්ෂ වලදී පිළිවෙලින් කොළඹ සහ කුවේට් යන දෙරටේ නේවාසික දූත මණ්ඩල විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍ය අතර මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු වුනා.
පහුගිය කාලය පුරාවට විවිධ මට්ටම් වලින් දෙරට අතර සම්බන්ධතා වර්ධනය වීම සිදුවුනා. ඒක නිරන්තරයෙන්ම ශක්තිමත් වීම ඉතා සාධණිය තත්ත්වයක්.
දෙරට අතර සබඳතා වැඩිදියුණු කිරීමට ඉහළ මට්ටමේ සම්බන්ධතා දායක වෙනවා. ඒ අනුව පසුගියදා මියුනිච් ආරක්ෂක සමුළුවට සමගාමීව මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා අලි අබ්දුල්ලා අල්-යාහ්යා අතර ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වුනා.
අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල හරහා සහනදායී ණය ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා කුවේට් රාජ්‍යය විසින් ලබා දෙන සහය මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබෙන බව මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළයුතුයි.
අද වන විට කුවේට් රාජ්‍ය දෙරටේම ආර්ථිකයට අගනා දායකත්වයක් ලබා දෙන අතරම කුවේටයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් ලක්ෂයට අධික පිරිසකට තමන්ගේ දෙවන නිවහන බවටද පත්ව තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් හට රැකියා අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ සුබසාධනය ගැන සොයා බැලීම සම්බන්ධයෙන් කුවේට් රජයට මගේ කෘතඥතාව මේ අවස්ථාවේදී පළ කරනවා. අපට අවශ්‍ය වන්නේ කුවේටයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා තවත් වෘත්තිකයන් ලබා දීමෙන් කුවේට් රාජ්‍යයේ සංවර්ධන හවුල්කරුවෙකු වීමටය.
ශ්‍රී ලංකා රජය සහ කුවේට් රජය 2009 වසරේදී ආයෝජන ප්‍රවර්ධනය සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුමට අත්සන් තැබූ අතර, මෙම ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රතිලාභ යථාර්ථයක් විය යුතු බවට මම විශ්වාස කරනවා. මෙම ගිවිසුම යටතේ පහළ දැමූ බදු සහ විශේෂ ආර්ථික කලාපවල පිරිනැමෙන ආයෝජන අවස්ථා ඇතුළු විශේෂ මූල්‍ය දිරිගැන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මම කුවේට් ආයෝජකයින්ට ආරාධනා කරනවා.
මෙම ගිවිසුමට සමාන දෙරට අතර වෙළෙඳ කටයුතු වලට පහසුකම් සැපයීමට අදාල විශේෂ වැඩටසහනක්ද ක්‍රියාත්මකයි. ඊට අදාලව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කුවේට් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේදී අත්සන් කරනු ලැබුවා. ඒ අනුව ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීම සඳහා දෙරටේම ව්‍යාපාරික නියෝජිතයන් විසින් සංචාරය කිරීම සිදුකරනවා නම් එය විශාල ධනාත්මක සාධයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.
දෙරට අතර බහුපාර්ශ්වික සංසදවල ශක්තිමත් සහ අන්‍යෝන්‍ය සහයෝගය ද සඳහන් කිරීමට මට අවශ්‍යයි. ඉකුත් වසරේදී දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනයේ 4 වන චක්‍රය තුළදී කුවේට් රාජ්‍ය රජය විසින් දක්වන ලද මැදිහත්වීම්, සහය සහ නිර්මාණාත්මක නිර්දේශ සඳහා අපගේ අවංක ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට මම මේක අවස්ථාවක් කරගන්නවා.
මේ අතර මෙරට කුවේට් රාජ්‍යයේ තානාපතිතුමන් විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහය ඉතාම අගය කරනවා. එතුමන් දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරන්න විශාල දායකත්වයක් ලබා දෙනවා. එයට මම එතුමන්ට විශේෂයෙන්ම ස්තූවන්ත වෙනවා. “

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 week ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

1 week ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

2 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

3 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

4 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

4 weeks ago