දේශීය

දේශබන්දු පත් කළ ඡන්දය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

වැඩබලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ජන්ද 2ක් හිමිවූ බවයි සඳහන් වන්නේ.

මෙහිදී සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි බවත් විපක්ෂනායකවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම ජන්ද විමසීමකදී ප්‍රතිථල සමාන වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයකට අනුව තීරණයක් ගැනීමට අඩුම ඡන්ද 5ක් අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසනවා.

file

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් සිය මුහුණු පොත ගිණුමෙහි තබා තිබුණේ මෙවන් සටහනක්.

ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පති පත්වීම අනුමත නොකරන ලදී. ඡන්දය ප්‍රකාශ වීම පක්ෂව 4ක්, විපක්ෂව 2ක් හා වැළකී සිටීම් 2ක් වශයෙන් විය. තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය වේ. ඡන්ද සම වීමකදී පමණක් භාවිත කළ හැකි තීරක ඡන්දයක් කථානායක සතුවේ. 4/2 යනු සමවීමක් නොවේ! දෙවන වතාවටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කෙරෙමින් පවතී. ලැජ්ජයි කථානායකතුමනි!

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

11 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

12 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago