වැඩබලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කළා.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ජන්ද 2ක් හිමිවූ බවයි සඳහන් වන්නේ.
මෙහිදී සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි බවත් විපක්ෂනායකවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම ජන්ද විමසීමකදී ප්‍රතිථල සමාන වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයකට අනුව තීරණයක් ගැනීමට අඩුම ඡන්ද 5ක් අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසනවා.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් සිය මුහුණු පොත ගිණුමෙහි තබා තිබුණේ මෙවන් සටහනක්.
ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පති පත්වීම අනුමත නොකරන ලදී. ඡන්දය ප්‍රකාශ වීම පක්ෂව 4ක්, විපක්ෂව 2ක් හා වැළකී සිටීම් 2ක් වශයෙන් විය. තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය වේ. ඡන්ද සම වීමකදී පමණක් භාවිත කළ හැකි තීරක ඡන්දයක් කථානායක සතුවේ. 4/2 යනු සමවීමක් නොවේ! දෙවන වතාවටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කෙරෙමින් පවතී. ලැජ්ජයි කථානායකතුමනි!


