Tuesday, July 21, 2026
Homeදේශීයනව පොලිස්පති ජනපති හමු වෙයි

නව පොලිස්පති ජනපති හමු වෙයි

නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා මෙලෙස ජනාධිපතිවරයා හමු වීම සිදුවුණා.

නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමඟ සුහද කථා බහකට ද එක් වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

READ:   BREAKING: දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කථානායකට බාර දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්