Saturday, June 6, 2026
Homeදේශීයහර්ෂ ද සිල්වා ඕස්ට්‍රේලියාවට: සජබෙ ලොකු වැඩකට සැරසෙයි

හර්ෂ ද සිල්වා ඕස්ට්‍රේලියාවට: සජබෙ ලොකු වැඩකට සැරසෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා.

ඒ ඕස්ට්‍රේලියානු රජයේ නිළ ආරාධනාවකට අනුව යි.

හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ‍, දින 09 ක් පුරා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ පාර්ශවකරුවන් ගණනාවක් සමග සාකච්ඡා කිරීමට ද නියමිත බවයි.

ඔහු පළමුවෙන් මෙල්බර්න් නගරයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින්‍, විද්වතුන් ඇතුළු පිරිසක් මුණගැසීමට නියමිතයි.

ඉන් අනතුරුව, ඇඩිලේඩ් සහ කැන්බරා හි ඉහළ පෙළේ‍, රජයේ නිළධාරීන් සහ ආයෝජකයින් ගණනාවක් මුණ ගැසීමටද සැලසුම් කර තිබෙනවා.

READ:   දුරුතු පුන් පොහෝ දිනය අදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්