ක්‍රීඩා

හැමෝම කතාවෙන No ball එක ගැන වනිදු ගෙන් සැර කතාවක්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අවසන් විස්සයි තරගය තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 03 කින් ජය ගැනිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 209ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කළා.

ඒ අනුව අවසන් තරගයේ දී ලකුණු 03ක ජයක් ඇෆ්ගනිස්ථානයට හිමිවුණා.

කෙසේ වෙතත් අවසන් විස්සයි විස්ස තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර සටන්කාමී ආකාරයෙන් ලකුණු 210ක ඉලක්කයක් හබා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කළා.

තරගයේ තීරණාත්මක අවසන් පන්දු වාරයේ සිව් වැනි පන්දුව සම්බන්ධයෙන් විනිසුරුවරයා ලබාදුන් තීරණය ගැන මෙහිදී ක්‍රිකට් විස්තර ප්‍රකාශයින් ඇතුළුව ප්‍රේක්ෂකයින් ද විවිධ අදහස් පළ කළේ එම පන්දුව බැලූ බැල්මට ඉහළ ගිය නිපන්දුවක් ලෙස සටහන් වී තිබීමෙන්.

ඒ වන විට පිතිකරණයේ යෙදුන කවිඳු මෙන්ඩිස් එම පන්දුව නිපන්දුවක් බව ඉල්ලා සිටියද විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

යම් හෙයකින් එම පන්දුව නිපන්දුවක් ලෙස නම් කළා නම් ශ්‍රී ලංකා කණ්ඩායම ට අතිරේක ලකුණක් සහ තවත් පන්දුවක් ලැබිය යුතුව තිබුණා.

අන්තර්ජාතික තරගයක දී මෙවැනි විනිසුරු තීරණයන් බලාපොරොත්තු විය නොහැකි බව එම තීරණය සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග ප්‍රකාශ කළා.

තව මඳක් පන්දුව ඉහළ ගියේ නම්, පන්දුව පිතිකරුගේ හිසේ වදින බවත් එවැනි දෙයක් නොපෙනේ නම් එම විනිසුරුවරයා අන්තර්ජාතික විනිසුරු මට්ටමට නොගැළපෙන බවත් වනිඳු හසරංග මෙහිදී අවධාරණය කර සිටියා.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගත්තේ සත්කාරක ශ්‍රී ලංකාව යි.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

23 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

24 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago