Thursday, September 10, 2026
Homeදේශීයතවත් පාළාත් දෙකක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

තවත් පාළාත් දෙකක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

මධ්‍යම සහ දකුණු පළාත් තුළ හෙට (27) සහ ලබන ඔක්තෝබර් 02 යන දින දෙකේ දී වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවා තිබෙනවා.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත් කාලීන කිරීමක් ඊට හේතුවයි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ආදායම් බලපත්‍රය ලබා ගත හැකි පරිදි ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය මගින් මාර්ග ගත ක්‍රමය (Online) යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ද මේ මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් 06 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

2023.09.26 සිට කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර 2023.10.10 දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

READ:   යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනය කිරීමට පියවර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්