file
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ලබාදුන් අතර, මේ වන විට කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 602 දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව සාත්තු සේවක රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 54 දෙනෙක් සදහාද ගුවන් ටිකට්පත් ලබාදෙනු ලැබීය. ඊට කාන්තාවන් 49 දෙනෙක් සහ පිරිමි සාත්තු සේවකයින් 5 දෙනෙක් ඇතුළත් වේ. මෙම පිරිස ලබන 21 හා 22 යන දින දෙකේදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.
ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යවනු ලබන අතර මේ වන විට සාත්තු සේවක අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් 1070ක් පිටත් කර යවා ඇත.
ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පන්සියයක් සදහා වන ගිවිසුම් අත්සන් කර ඇති නමුත් එම සංඛ්‍යාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් පිටත් කර යැවීමට හැකියාව ලැබී ඇති බව ඇමැතිවරයා මෙහිදී පැවසුවේය.
මේ අතර ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා වන සේවා ගිවිසුම් ලබාගැනීම වේගවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා හමුවීමට තමන් බලාපොරොත්තු වන බවද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා වන පුහුණු වැඩසටහන්ද මේ වන විට ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…