Saturday, April 18, 2026
Homeදේශීයඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන 95කට ගුවන් ටිකට්පත්

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන 95කට ගුවන් ටිකට්පත්

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ලබාදුන් අතර, මේ වන විට කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 602 දක්වා ඉහළ ගොස් තිබේ.

file

මීට අමතරව සාත්තු සේවක රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 54 දෙනෙක් සදහාද ගුවන් ටිකට්පත් ලබාදෙනු ලැබීය. ඊට කාන්තාවන් 49 දෙනෙක් සහ පිරිමි සාත්තු සේවකයින් 5 දෙනෙක් ඇතුළත් වේ. මෙම පිරිස ලබන 21 හා 22 යන දින දෙකේදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

file

ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යවනු ලබන අතර මේ වන විට සාත්තු සේවක අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් 1070ක් පිටත් කර යවා ඇත.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පන්සියයක් සදහා වන ගිවිසුම් අත්සන් කර ඇති නමුත් එම සංඛ්‍යාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් පිටත් කර යැවීමට හැකියාව ලැබී ඇති බව ඇමැතිවරයා මෙහිදී පැවසුවේය.

file

මේ අතර ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා වන සේවා ගිවිසුම් ලබාගැනීම වේගවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා හමුවීමට තමන් බලාපොරොත්තු වන බවද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා වන පුහුණු වැඩසටහන්ද මේ වන විට ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

file
READ:   සජිත් රොෂාන් වෙනුවෙන් නැගිටියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්