Thursday, March 5, 2026
Homeදේශීය91 හැවිරිදි නීතිඥ පුංච්හේවාගේ පුස්තකාලය ජාතික ජන බලවේගයට පරිත්‍යාග කෙරේ.

91 හැවිරිදි නීතිඥ පුංච්හේවාගේ පුස්තකාලය ජාතික ජන බලවේගයට පරිත්‍යාග කෙරේ.

වමේ ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රබල චරිතයක් මෙන්ම ලේඛකයෙක් වූ වයස අවුරුදු 91ක් සම්පූර්ණ කළ නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා ඔහු විසින් රචිත පොත්පත් ඇතුළුව වසර 65ක් පමණ තිස්සේ තමන්ගේ පුස්තකාලය සඳහා එක්රැස් කළ පොත්පත් රැසක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කිරීම අද(19) පස්වරුවේ එතුමන්ගේ නිවසේදී සිදු කෙරුණා.

file

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය, කේ.ඩි. ලාල්කාන්ත, නීතිඥ උපුල් කුමරප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගි වුණා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එස්.ජී. පුංචිහේවා මහතා…

“මා වසර 65ක් පමණ තිස්සේ එක්රැස් කළ විවිධ විෂයන්ට අදාල පොත්පත් රැසක් තිබෙනවා. එම පොත්පත් පොදුවේ පාවිච්චියට ගන්න පුළුවන් හොඳම කණ්ඩායම කවුද කියලා මම කල්පනා කළා. ඒ හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය කියලා තමයි මට හිතුනේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කරන්නට කල්පනා කළ ජාතික ජන බලවේගය කියන්නේ ඉතා විශිෂ්ඨ නිර්මාණයක්. ජාතික ජනබලවේගයේ ඉතා විශාල විද්වතුන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය නිකන්ම නිකන් විද්වතුන් නෙවෙයි. ඔවුන් මහජනතාව කෙරෙහි බැදුණු ආකල්පයක් තිබෙන අය. අන්න ඒ හේතුවත් පමනම් කර ගත්තා මම මේ පරිත්‍යාගය කරන්න.“

file
file
file
READ:   ආණ්ඩුව ජනවරම අවභාවිත කරනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්