දේශීය

සෞඛ්‍ය වර්ජනය ගැන අවසන් තීරණය

සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් අද (19) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

මෙහිදී ඩැඩ් දීමනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

අද පෙරවරු 11ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

තම ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ධනාත්මකව මැදිහත් වේ යයි තමන් විශ්වාස කරන බව කුමුදේශ් මහතා පවසනවා.

කේසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් තම ගැටලුවලට සාධාරණත්වය පිළිබඳ පදනමක් ලැබුණේ නැත්නම් නැවත වතාවත් අද සවස 02 ට රැස්වී සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

5 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago