Wednesday, June 3, 2026
Homeදේශීයසෞඛ්‍ය වර්ජනය ගැන අවසන් තීරණය

සෞඛ්‍ය වර්ජනය ගැන අවසන් තීරණය

සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් අද (19) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

මෙහිදී ඩැඩ් දීමනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

අද පෙරවරු 11ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

තම ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ධනාත්මකව මැදිහත් වේ යයි තමන් විශ්වාස කරන බව කුමුදේශ් මහතා පවසනවා.

කේසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් තම ගැටලුවලට සාධාරණත්වය පිළිබඳ පදනමක් ලැබුණේ නැත්නම් නැවත වතාවත් අද සවස 02 ට රැස්වී සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ආහාර විෂ වී පාසැල් ළමුන් පිරිසක් රෝහල් ගත කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්