file
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මහ අමාත්‍ය යෝගි ආදිත් මහතා හමුවී තිබුණා.
එමෙන්ම උත්තර ප්‍රදේශයේ උප මහා අමාත්‍ය බ්‍රාජේශ් පතක් මහතා හමුවීමේ අරමුණ දෙරට අතර දේශපාලනික වටිනාකම තවදුරටත් ශක්තිමත් කිරීම බවයි නාමල් මහතා සඳහන් කළේ.
ඒ සිය මුහුණු පොත ගිණුමෙහි සටහනක් තබමින්. එම සටහන පහතින්,
උපුටා ගැනීම.
ලෝක ආර්ථික අර්බුද හමුවේ වුවද මේ වසරේ ඉන්දීය ආර්ථිකය 7%ක වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇති බවට ඉන්දීය මූල්‍ය ආයතන පුරෝකථනය කර ඇත. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ද අපේ රටේ ආර්ථිකය ඒ කාලසීමාවේ සැබෑ ලෙසම දෙවැනි වූයේ චීනයට පමණි.
තවමත් එවැනි දූරදර්ශී නායකත්වයක් පිලිබඳ ඉන්දියාවේ රජයන් පවා ප්‍රසංසා කිරීම නිහතමානීව පිලිගනිමි. එවැනි යුගයක් නැවත නිර්මාණය කිරීමට, එදාමෙන් හෙටත් අපගේ දේශපාලන යාන්ත්‍රණයට හැකි බව මම දැඩිව විශ්වාස කරමි.
ඈත ඉතිහාසයේ පටන් දෙරට සබඳතාවල දේශපාලනික වටිනාකම තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ උප මහා අමාත්‍ය බ්‍රාජේශ් පතක් මහතා හමුවීම මාගේ දේශපාලන ගමන්මග තුළ සුවිශේෂී කොට සලකමි.
උපුටා ගැනීම අවසන්.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…